11 July 2025

logo

පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට



දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේදී වනඅලියෙක් පහරදීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ වනඅලි පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ ඇදවැටී සිටි නිලධාරියා එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් මඟින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. 

මියගිය නිලධාරියා දෙහිඅත්තකණ්ඩිය පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)