colombotimes.lk
සිංහල | English

02 May 2024

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්



මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති සමුළුවකට එක් වෙමින්.

ඒ අනුව තරුණ ප්‍රජාව සවිබලගැන්වීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය තරුණ සේවා සභාවක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් ඒ හරහා තරුණ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)