මෙවර අයවැයෙන් වැඩි කළ දීමනාව කප්පාදු නොකරන ලෙසට සහ උසස්වීම් නැවතීම සිදු නොකරන ලෙසට රජයට බල කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් අද (17) නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට පැය 03ක වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.
ඔවුන් දිවා ආහාර පැයේ රෝහල ඉදිරිපිට එලෙස උද්ඝෝෂණයක නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
තවද හෙද නිලධාරීන්ගේ උසස්වීම් නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙසට ඉල්ලමින් තමන් මෙම උද්ඝෝෂණය සිදු කරන බවත් මෙයට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩිව සිදු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
(colombotimes.lk)