18 October 2025

logo

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවෙක් සල්ලි මල්ලක් සමඟ කොටුවෙයි



මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් 30,24,900ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් තිබූ බවයි. 

පොළොන්නරුව පොලිස් වසමේ මාඔය, බැඳිවැව ප්‍රදේශයේදී පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මනම්පිටිය නිල සුනඛ ඒකකයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

(colombotimes.lk)