වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහායි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංගමුව ජලාශයේද වාන් මට්ටමට ළඟා වෙමින් පවතින බැවින් එහි දොරටුද විවෘත කිරීමට සිදුවිය හැකි බවයි.
ඒ අනුව මේ සම්බන්ධව කලාඔය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතවට දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)