17 October 2025

logo

අගමැති හරිනි සහ මෝදි අතර හමුවක්



අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරියගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදීයි.

මේ සම්බන්ධයෙන් X පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම තමන්ට සතුටක් වන බවයි.

එමෙන්ම මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාවය සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සටහනේ සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)