ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩාවේ මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර සාකච්ඡාවක් අද (12) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී මහ කොමසාරිස් එරික් වොල්ෂ් සඳහන් කළේ දූෂණය සහ වංචාව වැලැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම දූෂණය හා වංචාව වැළැක්වීමට සඳහා කැනඩා රජයේ අත්දැකීම් ශ්රී ලංකා රජය සමඟ බෙදා ගැනීමටද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.
(colombotime.lk)