01 July 2025

logo

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසට නාමල්ගෙන් ඉල්ලීමක්



ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි යන විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

හැටන් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බවයි.

එමෙන්ම දේශීය සහ විදේශීය සංචාරකයන්ට ආරක්ෂිත ස්ථානයක් බවට වන විශ්වාසයද ජාත්‍යන්තරය තුළින් ලබා ගත යුතු බව ද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)