පසුගියදා පැවති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ සිදු වූ ආපදාවලින් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,568ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් නිවාස 14,111ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවයි.
එමෙන්ම සමස්ත දිවයිනේම නිවාස 5713ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දෙවන ස්ථානයට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන බවයි.
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 3,742ක් අර්ධ වශයෙන් හානි වී තිබෙනවා. 
(colombotimes.lk)
