ආසියානු බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (25) උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 5%කින් පහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයසමඟ සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිදු කළ ප්‍රකාශයත් සමඟ මෙසේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බවයි.
(colombotimes.lk)
