24 June 2026

logo

පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 24ක් ජීවිතක්ෂයට



පාකිස්තානයේ ක්වේටා හි අද (24) සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙට්ටි 5කින් යුත් මෙම දුම්රියේ හමුදා සොල්දාදුවන් රැගෙන ගොස් ඇති බවයි.

අදාළ ප්‍රහාරයේ වගකීම ලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් විසින් භාරගෙන තිබෙනවා.

එම බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ පෙට්ටි 3ක් පිලී පැනීමට ලක්ව ඇති අතර ඉන් පෙට්ටි 2ක් පෙරළී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එමෙන්ම එම දුම්රිය පෙරළීමෙන් අනතුරුව වෙඩි තැබීම් මාලාවක්ද සිදුවී ඇති අතර මේ වනවිට 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)