25 May 2026

logo

බංගලාදේශයේ දරුවන් 500කට වැඩි පිරිසකට දිවි අහිමි වෙයි



බංගලාදේශයේ මේ වන විට සරම්ප රෝගය වේගයෙන් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ හේතුවෙන් මේ වන විට දරුවන් 500කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඩකා අගනුවර රෝහල් මේ වන විට රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන අතර සරම්ප රෝගීන් සඳහාම වෙන්වූ විශේෂ වාට්ටු ද පිහිටුවා තිබෙනවා. 

කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟකම හේතුවෙන් වෛද්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ. 

එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගත වූ පැය 24 තුළ පමණක් දරුවන් 13දෙනෙක් මියගොස් තිබෙන අතර මාර්තු 15වනදා සිට මේ දක්වා සමස්ත මරණ සංඛ්‍යාව 512ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි. 

(colombotimes.lk)