T-56 ගිනිඅවියක් සෝමාවතිය ජාතික රක්ෂිතය තුළ ගසක් මුල වළදමා තිබියදී ඊයේ (24) සොයාගෙන තිබෙනවා.
ඒ පෞද්ගලික තොරතුරුකරුවෙක්ගෙන් ලැබුණු රහසිගත තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 5හි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
පොලිස් භාරයට ගත් එම ගිනිඅවියේ නිශ්චිත අයිතිකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ මෙය පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කළ අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාට මෙය අයත් බවට සැක කරන බවයි.
(colombotimes.lk)
