01 July 2025

logo

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා ගැන විධිමත් පරීක්ෂණයක් කිරීමට සැරසෙයි



මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමඟ  සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකායෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුවී තිබෙනවා.

කථානායකවරයා සඳහන් කළේ මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (24) සිදු කළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)