22 November 2024


ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ නිල සංචිතවල කැපී පෙනෙන ඉහළයාමක්



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය සැප්තැම්බර් සිට ඔක්තෝබර් මාසය තුළ 7.9%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.99ක් ලෙස සටහන් වුණා.

එම අගය ඔක්තෝබර් මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.46ක් දක්වා වැඩිවී තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)