16 October 2025

logo

මෙරටින් දෛනිකව වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් ගැන භයානක හෙළිදරව්වක්



දෛනිකව මෙරට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවලට ගොඳුරු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කළ යුතු බවයි. 

වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන පුද්ගලයෙක් නම් වසර 3කට වරක්ද, අවුරුදු 40කට වැඩි පුද්ගලයෙක් නම් වර්ෂයකට වරක්ද සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙස එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද, ඒ සඳහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බවයි. 


(colombotimes.lk)