මතට ඇබ්බැහිවූවන්ට සිය කැමැත්තෙන් පුනුරුත්ථාපනය විය හැකි මධ්‍යස්ථාන දහයක් රට පුරා ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පළමු ස්වේච්ඡා පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම වෙනුවෙන් වැලිකන්ද නව සේනපුර පැවති උත්සවයට සහභාගී වෙමින්.
මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමට නම් ඒ සඳහා පවතින ඉල්ලුම සහ සැපයුම් නතර කළ යුතු බවත් සැපයුම් නතර කිරීමේ කාර්යය මේ වන විට පොලීසිය ඇතුළු අංශ විසින් සිදු කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)