මදන මෝදක ගුලි 250ක් සමඟ බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ පුද්ගලයෙක් අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නොර්ටන් බ්‍රිජ් පොලීසියට ලද තොරතුරකට අනුව දිසු කළ වැටලීමක් අතරතුරදීයි.
මෝදක ගුලියක් රුපියල් 200ක තොග මිලකට අලෙවි කර ඇති අතර ගුලිවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය හෝ නිෂ්පාදිත ආයතනයක නමක් සඳහන් නොවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)