21 February 2025


රජයේ රෝහල්වල පෝලිම්වලට පිළියමක්



දිවයින පුරා පවතින රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදු කිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල රැඳී සිටීම අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මඟින් ගත හැකි පියවර සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මාසයක කාලයක් ඇතුළත එම කමිටුව මඟින් මේ සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදිය යුතු බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)