2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 11.80ක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වී තිබෙනවා.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බවයි.
මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුන්ට නිල ඇඳුම් රෙදි සපයාදීම සඳහා වන චීන රජයේ ප්රදානය භාර ගැනීමට අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)