ගිණුම් තහවුරු කරගත් අස්වැසුම ප්‍රතිලාභින් 257,170 ක් සඳහා ජූලි මස ගෙවීම් වෙනුවෙන් රුපියල් මිලියන 1,550 ක මුදලක් බැංකු වෙත යොමුකර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ අනුව බැංකු මඟින් ප්‍රතිලාභි ගිණුම් සදහා එම මුදල් හෙට දිනය වනවිට බැර කරණු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එමෙන්ම ගිණුම් තහවුරු කරගත් පසු ඉතිරි ප්‍රතිලාභින් සදහා ගෙවීම් කිරීමට සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු සුදානම් කර අති අතර ජූලි මසට අදාල ගෙවීම සිදුකළ පසු අගොස්තු මසට අදාළ ගෙවීම සියළු ප්‍රතිලාභින් සදහා එකවර සිදුකිරීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා පවසන්නේ.
පළමු අදියර ලෙස ප්‍රතිලාභි පවුල් 791,000 කට අදාල රුපියල් මිලියන 5’016 ක් ගෙවා අවසන් කර ඇති අතර මේ වන විට “අස්වැසුම” ට අදාළව පවුල් 1’048’170 කට රුපියල් මිලියන 6,566 ක මුදලක් රජය ගෙවා තිබෙන බවත් සඳහන්.
අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියළු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරන බවයි අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)