මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී සොයා ගත් කන්ටේනර් 2න් ලබා ගත් සාම්පල 20න් 5ක අයිස් හෙවත් මෙත් සාන්ද්‍රණයන් ඇතුළත් බවට අනාවරණය වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ අදාළ ඉඩමේ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාශ ඒකකයට ඔහුව භාරදී ඇති බවයි.
අයිස් මත්ද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වන මත්ද්‍රව්‍යයක් වන බවත් එය ශ්‍රී ලංකාව තුළ නිශ්පාදනයට ගත් ප්‍රබල උත්සහයක් පොලීසිය විසින් ව්‍යර්ථ කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
(COLOMBOTIMES.LK)