ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සදහා වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට (07) උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යා අගෝස්තු 28වනදා සිට සැප්තැම්බර් 07වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව හෙට දහවල් 12.08ට මිරිස්ස, කඹුරුගමුව, මාතර, දෙවුන්දර, ගන්දර, සහ තලල්ල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි වාර්තා වන්නේ.
(COLOMBOTIMES.LK)