23 June 2025


මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක්



මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
 
ඒ අනුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එම තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම අමාත්‍යාංශය සියලු පාර්ශවයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවයි.
 
තවද මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින් සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා අදාළ සියලු පාර්ශවයන් නැවත සංවාදයට පැමිණ නොපසුබට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

(colombotimes.lk)