08 January 2026

logo

ලන්ඩන් නුවර ගුවන් යානයක් කඩා වැටෙයි



එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් කඩාවැටී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් පසුව සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම්දෙනතුරු වසා දමා ඇති බවයි. 

අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ. 

මෙම අනතුරට පත් ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZI වර්ගයේ ගුවන් යානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා. 

(colombotimes.lk)