14 September 2025

logo

බංගලාදේශයෙන් සාර්ථක අවසානයක් - මතීෂට දැඩි ප්‍රහාරයක්



2025 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - බංගලාදේශ තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

B කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 139ක් පමණයි.

මෙහිදී මතීෂ පතිරණ යොමු කළ පන්දුවාර 4ට ලකුණු 42ක් ලබා ගැනීමට බංගලාදේශය කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 140ක්.

(colombotimes.lk)