colombotimes.lk
සිංහල | English

28 April 2024

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ගුරුවරයෙකු අත්අඩංගුවට



කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසූවේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු බවයි.

52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකාර ගුරුවරයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අයෙකු බවයි.

සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත් එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)