වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 17දෙනෙක් මිය ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ මිය ගිය පුද්ගලයන් අතර අවුරුදු 09ක සහ අවුරුදු දෙක හමාරක කුඩා දරුවන් දෙදෙනෙක් ද වන බවයි.
එමෙන්ම මෙම වසරේ ඩෙංගු රෝගීන් 32,071ක් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ දින 03ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව එළඹෙන ජූනි මස 08,09,10 යන දිනයන්වලදී ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, රත්නපුර, කෑගල්ල, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සහ කල්මුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
(colombotimes.lk)
