වෙසක් පොහොයට සමගාමීව දිවයින පුරා දන්සැල් 15,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ දන්සැල් ලියාපදිංචිය සඳහා තවදුරටත් අවස්ථාව හිමි වන බවයි.
විශේෂයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද දන්සැල් සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
(colombotimes.lk)
