අසීමාන්විත ලෙස සමාජ මාධ්‍ය භාවිතයෙන් සිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් සිදුකළ සමීක්ෂණයේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සමාජ මාධ්‍ය සීමාවකින් තොරව භාවිත කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් සියදිවි හානි කර ගැනීම් වැනි මානසික තත්ත්වයන්ට පත්වන බව ද එම සමීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම තත්ත්වයන්ට කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය බලධාරින් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)