colombotimes.lk
සිංහල | English

14 October 2024


ඊශ්‍රායල වැසියන්ට අනතුරු ඇඟවීමක්



උතුරු ඊශ්‍රායලයේ හමුදා සිටින ස්ථානවලින් ඉවත් වන ලෙස හිස්බුල්ලා සංවිධානය එරට ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදා, උතුරු ඊශ්‍රායලයේ ජනතා නිවාස හමුදා කඳවුරු ලෙස භාවිත කරන බවයි.

කාලයක් පුරා ඊශ්‍රායල - ලෙබනන දේශසීමා ගැටුම් පැවතිය ද පසුගිය 23 වනදා සිට ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කළා.
 
එම ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයන් 1200කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම මිලියනයක පමණ පිරිසක් අවතැන් වී සිටිනවා.

මෙම ගැටුම්වලට ප්‍රධානම හේතුව බවට පත් වී ඇත්තේ ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් බහුලව භාවිත කරන පේජර් ඇතුළු සන්නිවේදන උපකරණ දුරස්ථව පුපුරුවා හරිමින් සූක්ෂම ප්‍රහාරයෙන් එල්ල කිරීමයි.

(colombotimes.lk)