හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස් රථයේ රියදුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ මේ මස 26 වනදා දක්වායි.
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති විසින් අද (22) මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
රෝහල වෙත පැමිණි වැඩබලන මහේස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබඳව කරුණු විමසා මෙම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.
(colombotimes.lk)