කසුන් මහේන්ද්‍ර හීනටිගලව අතුරුගිරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදු කෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මෙලෙස තාවකාලිකව මාරු කළ බවයි.
(colombotimes.lk)