ජාතික පාසල්වල විදුහල්පති තනතුරුවල පුරප්පාඩු පිරවීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම පාසල්වල පුරප්පාඩු පිරවීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන්ගේ අයදුම්පත් කැඳවීමෙන් සිදු කරන බව එම නිවේදනයේ සඳහන්.
එම අයදුම්පත අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ බාගත කිරීමට හැකියාව පවතිනවා.
අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය මේ මස 31 වනදා බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)