27 December 2025

logo

වනඅලියෙක් ජීවිතක්ෂයට



හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 කිලෝමීටර් කණුව අසලින් ධාවනය වූ වෑන් රථයක අද (27) අළුයම වනඅලියෙක් ගැටී තිබෙනවා. 

එම අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කළ අතර වනඅලියා මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දක්වා ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමේදී වනඅලියා වෑන් රථයේ ගැටී ඇති බව කවුඩුල්ල වනජීවි නිලධාරීන් පවසනවා. 

එලෙස මියගිය වනඅලියා වයස අවුරුදු 12ක උස අඩි 5ක් වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)