27 December 2025

logo

යතුරුපැදියක් අනතුරකට ලක්වෙයි - දෙදෙනෙක් ජීවිතක්ෂයට



වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී ඇලකන්ද දෙස සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. 

එම අනතුරින් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 හා 25 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)