27 December 2025

logo

ඩග්ලස් දේවානන්දා අද අධිකරණයට



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

යුද හමුදාවෙන් ඔහුට නිකුත් කළ ගිනිඅවියක් වැලිවේරිය ප්‍රදේශයේදී අපරාධකරුවෙක් සන්තකයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහුව ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවා.  

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)