21 February 2025


යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට



මතුගම දෙස සිට හොරණ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අඟුරුවාන පොලිස් වසමේ හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ මදුරාවල ප්‍රදේශයේදී යී.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් .

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන් කළා.

(colombotimes.lk)