කල්පිටිය ප්‍රදේශයේ කන්දකුඩාව අතුරු මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවසක වැටක ගැටී ඊයේ (18) අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් වූ තලවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය කල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)