13 December 2025

logo

ASIA CUP 2023 | බංග්ලාදේශ සංචිතයේ වෙනසක්



2023 ආසියානු කුසලානය වෙනුවෙන් නම් කළ බංග්ලාදේශ සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක Ebadot Hossainව ඉවත් කර තිබෙනවා. 

ඒ ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු එක්දින තරගාවලිය අතරතුර පාදයේ ආබාධයකට ලක් වූ Ebadot තවමත් පූර්ණ සුවය ලබා නොමැති වීම හේතුවෙන්. 
 
එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් ඔහුව අත්‍යාවශ්‍ය නිසා ආසියානු කුසලානයෙන් ඔහුව ඉවත් කළ බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩා වෛද්‍ය Debashis Chowdhury ප්‍රකාශ කළා. 
 
ඒ අනුව Ebadotගේ හිස්තැන පිරවීම සඳහා Tanzim Hasan නම් නවක වේගපන්දු යවන්නා බංග්ලාදේශ සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)