25 February 2025


ASIA CUP SUPER 4 | සිංහයන්ට පහසු ඉලක්කයක්



ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා ගෙන පන්දුවට මුලින් පහර දීමට තීරණය කළ ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 49.1 අවසානයේ කඩුලු සියල්ලම දැවී ලකුණු 213 ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 214 ඉලක්කයක් හිමිවුණා.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ විසින් එක්දින පිටයේ සිය හොඳම කඩුලු යැවීම වාර්තා කරමින් කඩුලු 5ක් ලබා ගත්තා.

පන්දුවාර 47 කදී වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ තරගය නතර කරනු ලැබුවා.

ඒ වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 197ක් ලබා සිටියා.

නැවත තරගය ප.ව 7.15 ආරම්භ කළා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
(Colombotimes.lk)