25 February 2025


දළඳා ප්‍රදර්ශනය පවත්වන දින ප්‍රකාශයට පත් කරයි



අප්‍රේල් මස 18වනදා සිට ඉදිරි දින 10ක හෝ 12ක කාලය තුළ උතුම් දන්තධාතූන් වහන්සේ මහජන ප්‍රදර්ශනයට අවස්ථාව සළසා දෙන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ කියා සිටියේ පසුගියදා මහනුවරට පැමිණි ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමිවරුන් බැහැදැක දැනුවත් කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

දළඳා සමිඳුන්ගේ ආශිර්වාද මුළු රටටත් ලෝකවාසීන්ටත් ලබාදීම මෙහි අරමුණ බව පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)