විදේශ අමාත්‍ය විජිත හේරත් අද (25) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතව තිබෙනවා.
ඒ ජිනීවා වේලාවෙන් අද පස්වරු 3.30ට බවයි වාර්තා වන්නේ.
ජිනීවාහී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58වන සැසිවාරයට සහභාගීවීමට අමාත්‍යවරයා පසුගිය ඉරිදා (23) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්, හයිබරි හි අතිගරු කොලින්ස් සාමිවරයා සමඟ ද්විපාර්ශවික හමුවක්ද පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)