රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (25) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91ක් කල් පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද, දින 182ක කල් පිරෙන රුපියල් මිලියන 65,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන බවයි.
එමෙන්ම දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්ද අද (25) වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)