03 July 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශ ජනපති හමුවෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදීයි.

එහිදී රුසියානු - යුක්‍රේන යුද්ධය විසදීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය විසඳීම යනු යුක්‍රේනය රුසියාවට යටත් වීමක් නොවිය යුතු බව එහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අවධාරණය කළ බවයි.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා තිබෙනවා.

(colombotimes.lk)