පසුගිය මාස 06 තුළදී පොලීසිය විසින් සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක මුදලක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.
ඒ අද (25) පෙරවරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 336ක්, ගංජා කිලෝග්‍රෑම් 4796ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 790ක්ද පොලිස් භාරයට ගත් බවයි.
(colombotimes.lk)