කොළඹ - නුවර මාර්ගයේ තිත්වැල් මංකඩ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනුරාධපුර ඩිපෝවට අයත් මෙම බස් රථය අනුරාධපුරයේ සිට කොළඹ බලා මගීන් ප්‍රවාහනය කරමින් තිබියදී නුවර දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.
අනතුරින් බස් රථයේ රියදුරු සහ හිමිනමක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
දංඕවිට පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් අනතුර සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.