21 July 2025

logo

සෞදියේ නිදනා කුමරා ජීවිතක්ෂයට



වසර 20ක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසු සෞදියේ 'නිදන කුමරා' (Sleeping Prince ) අල්වලීඩ් බින් කලීඩ් (Alwaleed Bin Khaled) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

1990 වසරේ අප්‍රේල් 18වනදා උපත ලැබූ අල්වලීඩ් බින් කලීඩ් කුමරු සෞදි රාජකීය පවුලේ ප්‍රමුඛ සාමාජිකයෙක් වන කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයායි.

අල්වලීඩ් කුමරු 2005 වසරේදී ලන්ඩනයේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී වයස අවුරුදු 15දී බරපතල මෝටර් රථ අනතුරකට මුහුණදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් මොළයේ රුධිර වහනයක් සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතුළු දරුණු මොළයේ කම්පනයක් ඇති වූ අතර එමඟින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත්වූ බවයි.

(COLOMBOTIMES.LK)