20 January 2026

logo

යුක්‍රේන - රුසියානු ජනපතිවරුන් මුහුණට මුහුණ සාකච්ඡාවකට සැරසෙයි



යුක්‍රේනය රුසියාව සමඟ නව සාම සාකච්ඡා වටයකට සූදානම් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

සටන් විරාමයක් ලබා ගැනීම සඳහා යුක්‍රේන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් වන රුස්ටෙම් උමෙරොව් ලබන සතියේ රුසියානු පාර්ශ්වය හමුවීමට සූදානම් බවද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කළා.

(COLOMBOTIMES.LK)