ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ පරිපාලනය සම්බන්ධයෙන් 'අදානි' සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබෙනවා.
මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් මෙසේ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.
ඒවා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා මෙම සාකච්ඡා පවත්වා තිබෙනවා.
මීට අමතරව අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ 07ක පරිපාලන කටයුතු මෙහෙයවීම විශේෂත්වයක්.
(colombotimes.lk)